― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි


ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාර ගැනීමයි ආරම්භ කර ඇත්තේ.

අයදුම්පත්‍ර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළකර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතු වනවා.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 ජුලි 31 වනදා හෝ ඊට පෙර යොමු කළ යුතු බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරන්නේ.

අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකියි.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා.