― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුවේට් රාජ්‍යය වෙත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත.

එම නිවේදනයට අනුව, ඊයේ (20) සිට ජූලි 26 දක්වා කුවේට් බලා ක්‍රියාත්මක වන සියලුම ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය මගීන්ට 1979 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ හෝ +94 11 777 1979 සහ +94 74 444 1979 යන වට්ස්ඇප් අංක වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.

එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය හරහාද නවතම ගුවන් ගමන් තොරතුරු සහ වැඩිදුර විස්තර ලබාගැනීමේ පහසුකම පවතී.