2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ජාතික හැඳුනුම්පත (NIC) නොතිබීම බාධාවක් නොවන බැවින්, සියලුම අයඳුම්කරුවන් එළඹෙන 23 වැනිදාට පෙර විභාගය සඳහා අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්පති කැඳවීම 2026.07.03 සිට 2026.07.23 දින දක්වා මාර්ගගතව සිදු කෙරේ.
ඒ අනුව, විභාග නිවේදනයේ දක්වා ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් සිය අයදුම්පත් යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කිසිදු හේතුවක් මත අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය නැවත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් හෝ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකය මගින් හෝ 011-2784537, 011-2786616, 011-2784208 යන දුරකථන අංක මෙන්ම 011-2784422 ෆැක්ස් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකිය.


