කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21) දිනය සඳහා නැගෙනහිර පළාතට සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) ඇතැම් ප්‍රදේශවල ‘අවධානයෙන් සිටිය යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර ඇති අතර, ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි සෑම අවස්ථාවකම සෘජු හිරු එළියට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් වැළකීම සහ දිවා කාලයේ වැඩිම උණුසුම් කාලය තුළ දැඩි ශාරීරික ක්‍රියාකාරකම් සීමා කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ.


