🚨 දෙවිනුවර නිවසකට අලුයම වෙඩි ප්‍රහාරයක් – සැකකරුවන් මෝටර් රථයකින් පලා යයි
දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කරගෙන අද (22) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට ශාරීරික හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.
ගන්දර පොලිස් වසමට අයත් ඒදණ්ඩ පාර, දෙවිනුවර ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරත පුද්ගලයෙකුට අයත් නිවස මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


