― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට අද පැය 4ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද පැය 4ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ, මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම හේතුවෙන් අද (22) පැය 4ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.

ඒ අනුව, අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පහත සඳහන් සේවා ජලාශ මගින් ජලය සපයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

රජපිහිල්ල සේවා ජලාශය

උඩුවාවල, පොල්වත්ත පාර, ග්ලෙවත්ත, වස්ගේවත්ත, උඩ බොකලවල, පල්ලේ බොකලවල, පිහාඔයේවත්ත, අහස්ලියද්ද, කොටුවේවත්ත, නාගහමුල පාර, තවලන්ගොඩ, බලගොල්ල, හපුගොඩ, පට්ටියාවත්ත, රජපිහිල්ල, මොරගහවෙල, අත්තරගම, උල්ලදුපිටිය පාර, පොහොරබේතැන්න පාර සහ අත්තරගම දෙකිඳ පාර.

මැදවල (පැරණි) සේවා ජලාශය

කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැටේ, පල්කුඹුර, ඉඩමේගම, අඹේගම, ගොරොක්ගස්අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර.

මැදවල (නව) සේවා ජලාශය

බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සුරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.

ගලගෙදර සේවා ජලාශය

ගලගෙදර, වෑබඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.

මාවතගම සේවා ප්‍රදේශය

මාවතගම, බරන්දන පාර සහ රඹුක්කන ආශ්‍රිත ප්‍රදේශවලටද මෙම කාලය තුළ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.