කොළඹ ප්‍රදේශයේදී රුපියල් කෝටි 2.70කට අධික මුදලක් සන්තකයේ තබාගෙන ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) සවස කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී, කාර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලේ නීත්‍යානුකූල මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 59ක් වන අතර, ඔවුන් කොළඹ 13 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. පසුව ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවද වාර්තා වේ.
සැකකරුවන් සන්තකයේ තිබූ මෙම මුදල නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් මුදලක්ද යන්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


