මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම තාවකාලිකව නතර කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥ කණ්ඩායම කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබේ.
අදාළ අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා එම විරෝධය ඉදිරිපත් කළ බව අධිකරණයේදී අනාවරණය විය.


