― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑල් -නිනෝ තත්ත්වය ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

එල් -නිනෝ තත්ත්වය ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

එල්-නිනෝ කාලගුණ තත්ත්වය මේ වන විට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එහි ප්‍රබලතම අවධිය පෙර අපේක්ෂා කළ කාලයටත් කලින් උදා විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවට එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය නොවැම්බර් මාසය වන විට එහි උච්චතම අවධියට ළඟා විය හැකි බවයි.

ඒ අනුව, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනට දැඩි වියළි කාලගුණයක් බලපානු ඇති බවත්, වසරේ අවසාන කාලය වන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වයට සූදානම් වීම සඳහා රාජ්‍ය ආයතන දැනටමත් ආයතනික මට්ටමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එල්-නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොව, ලොව පුරා රටවල් රැසකට බලපාන ගෝලීය කාලගුණ සංසිද්ධියක් බවද ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී දැඩි නියඟ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, ජලය සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අධික උෂ්ණත්වය සහ නියඟය හේතුවෙන් ඇතැම් අංශවල රැකියා අවස්ථාද බලපෑමට ලක්විය හැකි බැවින්, මෙම අභියෝගයට මුහුණදීම සඳහා ජනතා සහයෝගය සහ සක්‍රීය සහභාගිත්වය ඉතා වැදගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.