― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුපිළිපන්න දේශයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් 

සුපිළිපන්න දේශයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් 

රාජ්‍ය සේවයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වංචා, දූෂණ සහ හොරකම් නතර කර “සුපිළිපන්න දේශයක්” බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ ජනතාවගේ පොදු හා පෞද්ගලික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා “මහජන දිනය” ඊයේ (26) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ කිරිබත්ගොඩ මූලික රෝහල ඉදිරිපිට පිහිටි ජාතික ජන බලවේගයේ කැලණිය ආසන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදීයි.

මහජන දිනය අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වංචා, දූෂණ සහ හොරකම් නතර කර “සුපිළිපන්න දේශයක්” (Integrity Nation) බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

එමෙන්ම වංචාව සහ දූෂණය පිටුදැකීමට නම් හුදු නීති රීතිවලට වඩා පුද්ගලයන් තුළ සහ සමස්ත සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවද ඔහු අවධාරණය කළා.

තවද, නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය බැවින්, ඔවුන්ගේ විශ්‍රාම වයස වසරකින් හෝ දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳ සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

විපක්ෂය සන්ධානගත වීමට උත්සාහ කළද, පසුගිය විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් සහභාගී වූයේ 36 දෙනෙකු පමණක් බව පෙන්වා දෙමින් ඔවුන්ගේ එකමුතුකම පිළිබඳ ප්‍රශ්නයක් මතු වන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එකතු වන්නේ පොදු ජන යහපතට වඩා තම පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා බවද ඔහු අවධාරණය කළා.

කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ පෑලියගොඩ නගර සභා බලප්‍රදේශයේ මහජනතාව මෙන්ම ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.