31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ බලාගාරය කොට උඩ

නොරොච්චෝලේ බලාගාරය කොට උඩ

විදුලි අර්බුදය හමුවේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට නොකඩවා විදුලිය ජනනය කිරීමට සිදුවූ නිසා එහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු 15ක් පමණ අතපසු වී ඇති බව ඉංජිනේරුවන් පවසයි.

හිටි හැටියේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රිය වුවහොත් එම වරදට වගවීමට ඉංජිනේරුවන් සූදානම් නැතැයි ඔවුහු පවසති.

මේ බලාගාරයේ මෙගොවොට් 300 බැගින් වූ යන්ත්‍ර තුනක් මගින් මෙගොවොට් 900ක් පමණ ජාතික විදුලි පද්ධතියට එක් කරන අතර වරින්වර එක් එක් යන්ත්‍ර පද්ධතියෙන් ඉවත් කර නඩත්තු කටයුතු සිදුකිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව ලංවිම ඉංජිනේරුවෝ පවසති.

රට තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමකට පත්වීම, තාප බලාගාර මගින් ජනනය කරන විදුලිය දෛනික විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවීම ආදී කරුණු නිසා ගල්අඟුරු බලාගාරයෙන් නිපදවන සම්පූර්ණ මෙගොවොට් ප්‍රමාණයම ජාතික පද්ධතියට එක් කිරීමට සිදුවීමෙන් ඉකුත් මාස කිහිපයේදීම මෙම යන්ත්‍ර එක දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.