25 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි චෝදනාව යටතේ ලැබී තිබෙන පැමිණිල්ලට අනුව එම නඩු විභාගය අවසන් වනතුරු මෙම ගුවන් ගමන් තහනම බල පැවැත්වෙනු ඇත.

තවද ජූනි 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සිතාසි නිකුත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කළේය.