28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ අර්බුදය ගැන මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක්

රටේ අර්බුදය ගැන මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් අනිද්දා (27) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර අංක 01හිදී එය පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ප්‍රධාන සම්පත්දායකයා ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ මහතා යි. ඔහු ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරමින් සිටී. එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටී.