― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කෙරේ

රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කෙරේ

පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම සීමා කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

කොළඹ ජාතික රෝහලෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ සායනික රෝගීන්ට එකවර ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු කර ඇති බවයි. කිසියම් සායනික රෝගියෙකුට මාසයකට ප්‍රමාණවත් ඖෂධ මීට පෙර එකවර ලබා දුන්නද මේ වනවිට සතියකට ප්‍රමාණවත් ඖෂධ පමණක් නිකුත් කරන බව ඔහු පැවසීය.

ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් හෙට (27) මෙරටට පැමිණීමට නියමිතය.