― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීම ඇරඹේ

සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීම ඇරඹේ

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අද (27) උදෑසන අම්පාර පොදු සුසාන භූමියේ දී ය.

එහිදී මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණය සඳහා ගොඩගැනීමට නියමිත බව පොලීසිය ඊයේ දැනුම් දුන්නේය.

2019 අප්‍රේල් 21 වන දින සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයට සමගාමීව සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් යන අය විසින් 2019.04.26 වන දින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මියගියේය.

එහිදී වැඩිහිටියන් හා ළමයින් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවට විමර්ශනවලදී නිරීක්ෂණය වී තිබුණ ද එම ස්ථානයේ සිටි බවට සැකකරන කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මොහොමදු හස්තුන් යන පුද්ගලයාගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බවට DNA පරීක්ෂණයේ දී අනාවරණය නොවු බව පොලීසිය පවසයි.

ඒ අවස්ථා දෙකකදී සිදුකරන ලද පරීක්ෂණවල දී එය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් තීරණය කර තිබේ.

ඒ අනුව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.