26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝලීය ආහාර හිඟය ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

ගෝලීය ආහාර හිඟය ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය තුළ නිර්මාණය වී ඇති ගෝලීය ආහාර සහ භාණ්ඩ හිඟය 2024 දක්වා පැවතිය හැකි බව ලෝක බැංකුව අවධාරණය කරයි.

1970 වර්ෂයෙන් පසු විශාලතම භාණ්ඩ හිඟයට ලෝකය මුහුණදෙමින් සිටින බව ලෝක බැංකුව පවසයි.

උග්‍ර ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ වෙළෙඳම් සීමාකිරීම ලොව බොහෝ රටවල් රැසක උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

රුසියාව ලොව විශාලතම ස්වභාවික ගෑස් සහ පොහොර අපනයනකරු වන අතර දෙවන විශාලතම බොරතෙල් අපනයනකරුද වේ.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු භාණ්ඩ නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.