30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුවේ අර්බුදය විසඳන්න ලක්ෂ 2500ක් දුන් බව කියන ව්‍යාපාරිකයා කව්ද?

පොහොට්ටුවේ අර්බුදය විසඳන්න ලක්ෂ 2500ක් දුන් බව කියන ව්‍යාපාරිකයා කව්ද?

ශ්‍රී ලංකා ‌පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය අභ්‍යන්තරයේ මේ වනවිට මතුව ඇති අර්බුදය විසඳාගැනීම සඳහා එක්තරා ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ 2500ක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයා පොහොට්ටුවේ ප්‍රධානීන්ට සමීප විදේශයක සිට ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන්නකු බවත් මෑත කාලයේදී ව්‍යාපාරිකයකු වශයෙන් හිටිහැටියේම ප්‍රසිද්ධ වූ චරිතයක් බවත් දැනගන්නට ඇත.

එමෙන්ම මීට මාස කිහිපයකට පමණ ඉහතදීද ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මේ කියන ව්‍යාපාරිකයා පියවර ගෙන තිබිණ.

ඒ අනුව මෙම ව්‍යාපාරිකයා පසුගිය දිනෙකදී එක්තරා පිලකට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සදහා ලක්ෂ 2500ක මුදලක් ලබා දී ඇති බවට විශාල කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම ගනුදෙනුව මැද ආණ්ඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු සිටින බවත්, ඔහු හරහා මෙම මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ වැඩපිළිවෙළ දියත් වෙමින් පවතින බවත් එම කසුකුසුවලින් වැඩිදුරටත් කියවේ.