― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅර්ජුන මහේන්ද්‍රන්ගේ නඩුව ඉදිරියට ගෙනියන්න බැහැ - මහාධිකරණය

අර්ජුන මහේන්ද්‍රන්ගේ නඩුව ඉදිරියට ගෙනියන්න බැහැ – මහාධිකරණය

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතුකරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද (29) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම නඩුව ගොනුකර තිබේ.