ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් නෞකාවක් අද (29) මෙරටට ළඟාවීමට නියමිතය.
එම ඖෂධ තොගය රැගත් නෞකාව අද පස්වරුවේ මෙරටට ළඟා වන බවත් එම ඖෂධ ඉදිරි මාස 02ක කාලයකට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය
ඊට අමතරව විදේශ රටවල සිටින පුද්ගලයින්ගෙන් පරිත්‍යාග ලෙස විවිධ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.