නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරුණු 5ක් යටතේ ලිපියක් යොමු කර තිබේ.
රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම, විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිවරයා වෙත එම ලිපියෙන් පෙන්වා දුන් බව එම සංගමයේ සභාපති එස්. අමරසේකර පවසයි.