― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතමිල්නාඩුවෙනුත් ශ්‍රී ලංකාවට සහාය

තමිල්නාඩුවෙනුත් ශ්‍රී ලංකාවට සහාය

ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට සපයන සහයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට ආධාර ලෙස සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට අවසර ඉල්ලා යෝජනාවක් සම්මත කිරීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ බව ප්‍රකාශ කළේය.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමිල්නාඩු විපක්ෂයේ ඒ.ඩී. එම්. කේ. සහ භාරතීය ජනතා පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

තමිල්නාඩුවේ ඉල්ලීම මත කොළඹ ඉන්දීය දූත පිරිසෙන් උපදෙස් ලබා ගත් බව ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර්, මහ ඇමති ස්ටාලින් වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ තමිල්නාඩු රජයේ සහය ඉන්දීය රජය විසින් සපයනු ලබන දෙයට අතිරේකව සැපයිය හැකි බවයි. ශ්‍රී ලංකා රජයේ කැමැත්ත මත එම අධාර බෙදාහැරීය හැකි බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම සඳහා තමිල්නාඩු රජය විසින් කරන ලද යෝජනාව මත සහන ද්‍රව්‍ය සැපයීම සඳහා ඉන්දීය රජය සමග සම්බන්ධීකරණය කිරීමට තමිල්නාඩු ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.