30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු ජෙට් යානා 40ක් බිමට පතිත කළ ගුවන් භටයා ජීවිතක්ෂයට

රුසියානු ජෙට් යානා 40ක් බිමට පතිත කළ ගුවන් භටයා ජීවිතක්ෂයට

රුසියානු – යුක්‍රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර දෙමින් ඒවා බිම හෙලූ ‘ගෝස්ට් ඔෆ් කිව්’ (Ghost of Kyiv) නමින් ප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේදී රුසියානු ගුවන් යානා 40ක් පමණ ඔහු විසින් බිම හෙළා ඇති බව සඳහන් වේ.

ගැටුම් ඇරඹුණු පළමු දිනයේදීම ඔහු අතින් රුසියානු ජෙට් යානා හයක් බිම හෙළා තිබේ. මේ සම්බන්ධයෙන් යුක්‍රේන රජය ඔහුට ගෞරවය පිරිනැමීමෙන් පසු යුක්‍රේන වැසියන් විසින් ඔහුව ‘භාරකාර දේවදූතයෙකු’ ලෙස හදුන්වා තිබුණි. ඒ වන විටත් ඔහුගේ අනන්‍යතාව සැඟවී තිබුණි.

කෙසේ නමුත් ‘ගෝස්ට් ඔෆ් කිව්’ගේ මරණයෙන් පසු, මෙම අද්භූත ගුවන් භටයාගේ අනන්‍යතාවය හෙළි කර ඇති අතර ඔහුගේ සැබෑ නාමය වන්නේ මේජර් ස්ටෙපාන් ටරාබල්කාය. ඔහුගේ වයස අවුරුදු 29කි.

මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු පියාසර කරමින් සිටි මිග් – 29 යානාව පසුගිය මාර්තු 13 වැනිදා සතුරු හමුදාවන් විසින් වෙඩි තබා බිම හෙළීමෙන් මිය ගොස් ඇත.

‘ගෝස්ට් ඔෆ් කිව්’ ගේ මරණයෙන් පසු ඔහුට යුක්රේනයේ වීරයා පදක්කමක්ද පිරිනමා ඇත.