― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු ලිට්‍රෝ සභාපතිගෙන් විශේෂ හෙළිදරවුවක්

හිටපු ලිට්‍රෝ සභාපතිගෙන් විශේෂ හෙළිදරවුවක්

අඩු මිලට ගෑස් ආනයන ක්‍රියාවලිය පිළිබඳ ලිට්‍රෝ හිටපු සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට තායිලන්තයෙන් අඩු මිලට ගෑස් ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ තමා 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කළ වැඩ වැඩපිළිවෙළ හරහා බව ලිට්රො සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මා විසින් මෙම වසරේ(2022) ජනවාරි මාසයේ දී ඉදිරි මාස 12 ක කාලයක් සඳහා ගෑස් මිලදී ගැනීම උදෙසා සියලු තානාපති කාර්යයාල ද දැනුවත් කරමින් ඉතා පාරදෘශ්‍ය හා විනිවිදභාවකින් යුතුව අරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලිය මගින්, මෙතෙක් එක් කණ්ඩායමක් අත පැවති එකාධිකාරී මාෆියාව බිඳ දැමීමට හැකිවීම පිලිබඳව මා නිහතමානිව සතුටු වෙමි!

ලෝක වෙළඳපොළ ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු අදට සාපේකෂව ඉතා අඩු මිලක වූ 2020 ට සාපේක්ෂව ගෑස් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 10 ක් අඩුවෙන් ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉතා අධික මෙවන් සමයක ලංසු ලැබීම මගින් කෙතරම් මුදලක් 2020 පෙබරිවාරි මස දී අත්සන් කරන ලද ගිවිසුමෙන් රටට අහිමි කර ඇත්දැයි ඔබ සැම වටහාගනු ඇත!

ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස මා විසින් ගෑස් මාෆියාව පිළිබඳව සිදු කරන ලද හෙළිදරව්වට පසුව මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හා මා ඉලක්ක කරගනිමින්, ඉතා බලවත්, ධනවත් සංවිධානාත්මක හා සාපරාධි මනසක් සහිත පිරිසක් විසින් සිදුකිරීමට යෙදුනු අවාසනාවන්ත ක්‍රියාදාමයන් නොවන්නට, මීටත් වඩා අඩුමිලට ලංසු ලබාගැනීමට තවත් සමාගම් ඉදිරිපත්වීමට අවස්ථාව තිබු බව මාගේ විශ්වාසයයි !

තෙෂාර ජයසිංහ – හිටපු සභාපති ලිට්‍රෝ ගෑස් සමාගම