― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsරටේ නීතිය ජනාධිපතිට, අගමැතිට හැසිරවීමට හැකිවීම කණගාටුදායකයි

රටේ නීතිය ජනාධිපතිට, අගමැතිට හැසිරවීමට හැකිවීම කණගාටුදායකයි

අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

උන්වහන්සේ එසේ පැවසූවේ ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානුව වෙත ගොස් අද (04) ආපසු පැමිණෙමින් සිටින අතරවාරයේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා. ඒ සඳහා ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකුත් සහභාගී වුනා. එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක්‍ කළා. ඒ නිසා රටේ වගකිව යුතු නායකයින් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රගපාලා වැඩක් නැහැ. හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි.

එමෙන්ම ජාතීන් අතර විරසක වීම, ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිස අද (04) උදෑසන කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.