අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (05) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ණය පහසුකමින් සියයට 30ක ප්‍රමාණයක් වැය කරමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර ඒ බව මුදල් අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවත් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.