හෙට දිනයේ සියලුම ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (06) ධාවනය කෙරෙන ලංගම බස් රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කළ බව එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේය.
හෙට දිනයේ සාමාන්‍ය පරිදි බස් රථ 5200ක් ධාවනයට එක්කෙරෙන අතර දුරගමන් සේවා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
සියලුම වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.