ජනපීඩන තත්ත්වය සමනය කිරීමට මහින්දානන්ද අදහස් ඉදිරිපත් කරයි
උපුටා ගැනීම මහින්දානන්ද අලුත්ගම ෆේස් බුක් පිටුවෙන්
දැනට රටේ පවතින ආර්ථික, සමාජීය සහ දේශපාලනමය අස්ථාවරත්වය මෙන්ම ජීවන වියදම ඉහළයෑම හේතුවෙන් ඇතිව තිබෙන ජනපීඩන තත්ත්වය සමනය කිරීමට ඉදිරියේදී රජයක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව නාවලපිටිය ආසනයේ සහෘද ජනතාව දැනුවත් කිරීමට මා අදහස් කළා.ඒ අනුව අද දින මා නාවලපිටිය ආසනයේ වරකාව, පල්ලේගම සහ මාවතුර ප්‍රදේශවල ජනතාව හමුවුණා.පීඩනය පත් ජනතාව අභිබවා ගොස් පටු අරමුණු වෙනුවෙන් ජනතාව පාරට බස්සන අන්තවාදී දේශපාලන පක්ෂවල උගුලට හසුනොවී මෙම දුෂ්කර කාලය ගත කිරීමට සියලු දෙනා එක්සත්ව කටයුතු කිරීම වඩාත් වැදගත් බව මම මෙහිදී ප්‍රකාශකලා. එමෙන්ම නාවලපිටිය ආසනයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මා විසින් මෙතෙක් සිදුකල සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිලිවෙල ඉදිරියටත් අඛණ්ඩව සිදුකරගෙන යන බවටද ජනතාවට දැනුම් දුන්නා.මෙම අවස්ථාව සඳහා පස්බාගේකෝරලේ සහ ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය සභාවල සභාපතිතුමන්ලා සහ එම ප්‍රදේශයේ ජනතාව සහභාගීවූ අතර අජන්ත ෆොන්සේකා මන්ත්‍රීතුමා මෙය සංවිධානය කර තිබුනා.