මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්කර දීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඊයේ (08) සමත් විය.
වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 18 කට කඩුළු 5ක් දවා ගත්තේය. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 192 ක් රැස් කළේය.
නායක ෆෆ් ඩූ ප්ලේසිස් පන්දු 50කදී නොදැවී ලකුණු 73ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 125 ක් පමණයි.
වනිදු හසරංග ලකුණු 18කට කඩුළු 5 ක් දවා ගත්තේ ඔහු යැවූ පන්දුවාර හතරෙන් එක් පන්දුවාරයකදී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාව ලබානොදෙමින්. ජෝෂ් හේසල්වුඩ් ලකුණු 17කට කඩුළු 2ක් ලබාගත් අතර තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තේය.