26.7 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු කොරියාවෙන් ‘අපරාජිත’ හමුදාවක්

උතුරු කොරියාවෙන් ‘අපරාජිත’ හමුදාවක්

අමෙරිකාවේ සතුරු ප්‍රතිපත්තියට සාර්ථකව මුහුණදීම සඳහා අපරාජිත හමුදාවක් ගොඩ නගන බවට උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් දිවුරුම් දුන් බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

තම රට ආයුධ වර්ධනය කරන්නේ ආත්මාරක්ෂාවට මිස යුද්ධ කිරීම සඳහා නොවන බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

උතුරු කොරියාවේ දුර්ලභ ආරක්ෂක ප්‍රදර්ශනයකට එක්වෙමින් නායකයා මේ ප්‍රකාශය සිදු කර ඇත. උතුරු කොරියාව මෑතකදී අත් හදා බැලූ නව ගුවන් යානා මිසයිල අමෙරිකාවේ දැඩි අවධානයට ලක් වී තිබිණි.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව ද සබ්මැරීනයක සිට භාවිත කළ හැකි නවීන පන්නයේ ආයුධ අත්හදා බැලීමක් සිදු කර තිබිණි.

ආරක්ෂක ප්‍රදර්ශනාගාරයේදී සිය දේශනය සිදු කළ උතුරු කොරියාවේ නායකයා වැඩි දුරටත් කියා සිටියේ තම අසල්වැසි දකුණු කොරියාව සමඟ සටන් කිරීමට කිසිදු කැමැත්තක් නැති බවය.