― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාගෝගම ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට නිසි දඩුවම් ලබාදෙන්න

ගෝඨාගෝගම ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට නිසි දඩුවම් ලබාදෙන්න

ශ්‍රී ලංකාවේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වළක්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සාමකාමී අරගලයක නිරත වෙමින් සිටි විරෝධතාකරුවන්ට පසුගියදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කණගාටුවට පත් වන බවත් එසේම ඊට සම්බන්ධ, ඊට අනුබල දුන් සහ එය සංවිධාන කළ සියලුදෙනා හට නිසි දඩුවම් ලබාදිය යුතු බව ඇය එම නිවේදනයෙන් දක්වා තිබේ.

එසේම සාමකාමී උද්ඝෝෂණවල නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇති බවත් ඇය සදහන් කර සිටියි. හදිසි නීතිය පවතින අවස්ථාවේ එය ආරක්ෂා කිරීමට යොදවා සිටින බලධාරීන් සහ ඔවුන්ගේ සහයට යොදවා ඇති ආරක්ෂක අංශ සෑම විටම අන්තර් ජාතික මානව හිමිකම් ආචාර ධර්මවලට යටත්ව කටයුතු කළ යුතු බවත් එම පිරිස් කිසිඳු අවස්ථාවක සාමකාමී උද්ඝෝෂණ යටපත් කිරීමට හෝ ඊට බලපෑම් කිරීමට එම බලය භාවිත නොකළ යුතු බව ඇය අවධාරණය කර සිටියි.

ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනතාව මේ වන විට මුහුණ දී සිටින සමාජ, ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා සියලු සමාජ තලයන් සමග අර්ථාන්විත සාකච්ජාවකට එක්වන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බව සහ ඒ පිළිබඳ තමා වෙත වාර්තාකරමින් සිටින බව ඇය සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාව මෙම අර්බුදය පාලනය කිරීම සඳහා සාමකාමී විසඳුමක් සොයා ගනු ඇති බවට සහ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගනු ඇති බවටත්, ඇය විශ්වාසය පළ කරයි.

එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාද සහ මානව හිමිකම් ශක්තිමත් කරමින් තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඇතිවීම පාලනය කරනු ඇති බවට තමා විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.