― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිවේදනය කරයි. රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවෙන බවද යුද හමුදාව සඳහන් කරයි.

සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අද (11) දින ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ සදහන්ය.

තවද කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් රජයේ හෝ පෞද්ගලික දේපලවලට හානි සිදු කිරීම,වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීම,කොල්ලකෑම්,ජීවිත හානි, හරදීම් වැළැක්වීමට හා උපරිම පියවර ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම් ඇතුළු නීත්‍යානුකූල බලය භාවිත කිරීමට සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබා දී තිබේ.