― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලක්මව සතු සුන්දරම දූපතක් හොර රහසේම විදේශයකට බදු දෙයි

ලක්මව සතු සුන්දරම දූපතක් හොර රහසේම විදේශයකට බදු දෙයි

රටේ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇඳිරිනීතිය පනවා ඇති මොහොතක කල්පිටිය දූපත් සමූහයට අයත් දූපත් දාහතරෙන් එකක් වන දෙවන විශාලතම දූපත වන අක්කර 1500කින් යුත්, ධීවර පවුල් 200ක් පමණ පදිංචි ‘උච්චමුනි දූපත‘ බදු දී තිබේ.

මෙම දූපත ඇමරිකානු ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයේ සමාගමකට වසර තිහක් සඳහා බදු දීමට අදාළ ගිවිසුමට ඊයේ (11) සංචාරක අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇති බව සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය චෝදනා කරයි.

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයට අයත් මෙම දූපත 2000 වර්ෂයේදී ඇස්තුමේන්තු කරන ලද මුදලකට 2022 වර්ෂයේදී විකිණීම් සිදු කරනු ලබන්නේ කෙසේ දැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය විමසයි. වර්ෂ 2000දී පැවති මුදලේ අගය මේ වනවිට විශාල ලෙස වෙනස් වී ඇතැයි ඔවුන් පවසා සිටී.

මෙම දූපත බදු දෙනු ලැබුවේ කුමන ඉදිකිරීමක් සිදු කිරීමටද යන්න අපැහැදිලි අතර ජෛව විවිධත්වයකින් යුක්ත මෙම දූපතේ යම්කිසි ඉදි කිරීමක් සිදුකිරීමට පෙර ලබාගත යුතුව ඇති EIA ( Environmental Impact Assessment) සහතිකය මේ සඳහා ලබාගෙන නොමැති බවටද සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බල ශුන්‍යව ඇති අවස්ථාවක මෙවැනි ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ කාගේ උවමනාවටද යන්න සොයා බැලිය යුතු බවයි.