― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි

මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි

යුද්දය හේතුවෙන් අවසන් සටනේදී මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය 12 ඇරඹෙන හෙයින් මුලතිව් වෙල්මුල්ලි වයික්කාල්හි ඉදිකොට ඇති යුද ස්මාර්කය අබියසට එලඹෙන 18 වනදා එක්රෝක් වන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට දෙමළ සංස්කෘතික සභාව කියා සිටියි.

යුද්දය අවසන් වී වසර 13 ක් පිරීම හේතුවෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීම දෙමළ ජනතාවගේ අයිතියක් බැවින් එය සිහිපත් කිරීම සඳහා මෙවර කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයිද එම සභාව මගින් අවධාරනය කරනු ලබයි.

පසුගිය කාලවකවානුවේදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය අබියස සැමරුම් සංවිධානය කිරීමේදී විවිධ වූ බාධා එල්ල වූ අතරම ඇතැම් අවස්ථාවකදී මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාර්කය කඩා දැමීමටද ඇතැම් පාර්සවයන් පියවර ගැනීම මගින් දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවූ බවටද පෙන්වා දෙයි.

මේ හේතුව නිසා 12 දිනයේ සිට මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ක්‍රියාත්මක වන බැවින් ඔනෑම් වැසියෙකුට හැකි අයුරින් යුද්දයේදී මිය ගිය අය සිහිකොට නිවසේ සිට හෝ සිහිකිරීම් අවස්ථාවන් සිදුකරන ලෙසටත් එලඹෙන මැයි 18 වනදා සියලු ජනතාව එක්වී මුල්ලි වයිකාල් යුදසැමරුම් ස්මාර්කය අභියසදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකරනු ඇතැයිද විශ්වාශ කරන බවට දෙමළ ජාතික සංස්කෘතික සභාව වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ