― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුණුපුරෙකු ලබා නොදීම නිසා තම පුතුට එරෙහිව දෙමාපියන් නඩු මඟට

මුණුපුරෙකු ලබා නොදීම නිසා තම පුතුට එරෙහිව දෙමාපියන් නඩු මඟට

මුණුබුරෙකු ලබා නොදීම සම්බන්ධයෙන් සිය එකම පුතුට සහ ඔහුගේ බිරිඳට නඩු පැවරූ මවක් සහ පියෙකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විවාහ වී වසර 6ක් ගත වී ඇතත් ඔවුන්ට තවමත් දරුවන් ලැබී නොමැති බවයි වාර්තා කරන්නේ.

සිය පුතු ඇතිදැඩි කිරීමට, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු කිරීමට සහ උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් ගැනීම සඳහා මුදල් වැය කළ බවට උතුරු ඉන්දියාවේ උත්තර්ඛන්ද් ප්‍රාන්තයේ පදිංචි අදාළ මව සහ පියා පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වසරක් ඇතුළත මුණුබුරෙකු හෝ මිණිබිරියක ලබා නොදෙන්නේ නම් අමෙරිකානු ඩොලර් 650,000 කට ආසන්න වන්දි මුදලක් ලබා දෙන ලෙස ය.

මේ සම්බන්ධයෙන් එම තරුණ අඹුසැමි යුවළ අදහස් දක්වා නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තම පුතා වෙනුවෙන් ඔහුගේ සියලු ඉතුරුම් වියදම් කළ බව ත් අමෙරිකානු ඩොලර් 65,000ක වියදමින් ගුවන් නියමු පුහුණුව සඳහා 2006 වසරේදී ඔහු එක්සත් ජනපදයට යවා ඇති බවත් එම තරුණයාගේ පියා සඳහන් කරනවා.

ඔහු 2007 වසරේදී නැවත ඉන්දියාවට ගොස් ඇති අතර ඔහුගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ පවුලේ අයට වසර දෙකකට වැඩි කාලයක් ඔහුට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට සිදු වී තිබේ.

අනතුරව එම තරුණ පුතුට ගුවන් නියමු රැකියාවක් ලැබී ඇති අතර 2016 වසරේදී ඔහු අමෙරිකානු ඩොලර් 80,000ක මුදලක් වැය කරමින් විවාහ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

“මගේ පුතා විවාහ වී වසර හයක් ගත වී ඇතත් ඔවුන් තවමත් දරුවෙක් ගැන හිතලා නැහැ. අඩු ම තරමින් අපට කාලය ගත කිරීමට මුණුබුරෙක් ඉන්නවා නම්, අපගේ වේදනාව දරා ගන්න පුළුවන්,” යනුවෙන් එම තරුණයාගේ පියා ප්‍රකාශ කර තිබේ.