― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තිම මොහොතේදී ඉහළ නිලධාරීන් 02ක් මට බලපෑම් කළා

අන්තිම මොහොතේදී ඉහළ නිලධාරීන් 02ක් මට බලපෑම් කළා

කලහකාරී පිරිස් ගාලුමුවදොර පිටියට පැමිණීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව අනාවරණය කර ඇත්තේ පසුගිය 09 වැනිදා ගාලුමුවදොර පිටිය ආසන්නයේ ඇතිවූ කළහාකාරී සිද්ධිය පිළිබඳව ශ්‍රීර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමිනි.

ජනාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව තමන් අවශ්‍ය පරිදි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්යය බළකාය කැඳවා තිබූ බවත් ජල ප්‍රහාරක රථ දෙකක් සහ කඳුළු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද ගාලු මුවදොර පිටියට කැඳවා තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහෙත් අවසන් මොහොතේදී ඉහළ බලධාරීන් දෙදෙනෙකු ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබාදුන්නද කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමාට මෙන්ම එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට දැනුම්දුන් බව ඔහු මානව හිමිකමි කොමිෂන් සභාවේදී අනාවරණය කර තිබේ.

එහිදී තමා අදාළ බලධාරීන්ට ලබාදුන් ප්‍රතිචාරය ඒ අවස්ථාවේ සිටි පොලිස් නිලධාරීන් හොඳාකාරවම දන්නා බවත් මේ සමගම කළහාකරී පිරිස බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුළු වූ බවත් දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසමේදී පවසා ඇත.

තමා ජනාධිපතිවරයාට අදාළ තත්ත්වය පවසා අදාළ බලධාරීන් දෙදෙනා බලපෑම් සිදුකරන බවට ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බවත් හෙතෙම අනාවරණය කර තිබේ.

මීට අදාළ ලේඛන ද දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කර ඇති අතර තමාගේ සැලැස්ම පිළිබඳව ඕනෑම කණිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කැඳවා විමසන ලෙසටද ඔහු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.අන්තිම මොහොතේදී ඉහළ නිලධාරීන් 02ක් මට බලපෑම් කළා