― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

මේ මස 21 වැනිදා කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන අතර ඒ අනුව 21 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදින (22 වැනිදා) පෙරවරු 8.00 දක්වා පැය 10ක් ජල සැපයුම අත්හිටුවේ.

මෙම නවීකරණ කටයුත්ත නිසා කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.