― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ දිනය සැමරේ

ජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ දිනය සැමරේ

13 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය සැමරේ.

වසර තිහකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කොට, මාතෘභූමියට සාමය උදා කරමින් ලැබූ විජයග්‍රහණය සැමරීමත්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් හා ආබාධිත රණවිරුවන් සිහි කිරීමත් යන කරුණු මූලික කර ගනිමින් ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අබියසදී අද පැවැත්විණ.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.