අමෙරිකාවේ ළදරු කිරිපිටි හිඟය උග්‍ර අතට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ළදරු කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්රය කොවිඩ් අර්බුදයෙන් අනතුරුව, යම් කිසි පසුබෑමක් පෙන්නුම් කළේය.
බැක්ටීරියා ආසාදනයක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් එරට සුප්‍රසිද්ධ ළදරු ආහාර නිෂ්පාදන සමාගමක් පසුගියදා ඔවුන්ගේ ළදරු කිරිපිටි සියල්ලම ආපසු කැඳවීමටද තීරණය කළේය.
එම නිසා අමෙරිකාව පුරා මේ වන විට විශාල ළදරු කිරිපිටි හිඟයක් උද්ගතව ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.