26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා සෙබළෙක් ඉන්ධන පිරවුම්හලේදී දිවි නසා ගනියි

හමුදා සෙබළෙක් ඉන්ධන පිරවුම්හලේදී දිවි නසා ගනියි

අද (23) අලුයම 12.30ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි හමුදා සෙබළෙක් රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා‍ගෙන සියදිවි නසා ගෙන තිබේ.

මෙසේ දිවි හානි කරගෙන තිබෙන්නේ පොතුවිල යුද හමුදා කඳවුරේ 23 වැනි සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත සෙබලෙකි.

කෑගල්ල සේනපුර උඳුගොඩ බුලත්පිකොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පොතුවිල යුද හමුදා කඳවුරේ සිට මේ දිනවල ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මෙම මරණයටහේතුව තවමත් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව ‍ පොලීසිය දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත් වරයා විසින් ස්ථානීය පරීක්ෂයක් සිදු කිරිමට නියමිත විය. ‍ මේ සම්බන්ධව විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂ‍නාගාරයේ (සොකෝ) නිලධාරීන් විසින්ද පරීෂනයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

අම්පාර ජ්‍යෙෂ්ඨ අධිකාරි ජයන්ත රත්නායක මහතා‍ෙග් අධීක්ෂනය මතදෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂන පවත්වති.