26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙයි - කාඩ්පත්වල හිඟයක්

රියදුරු බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙයි – කාඩ්පත්වල හිඟයක්

මාස කිහිපයක සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්‍ෂ 10කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබේ.

මෙම තත්වයට හේතුව වී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව යූරෝ ලක්‍ෂ හයක් නොමැති වීමයි.

මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම් කර තිබුණද ඒවා ගෙන්වා ගැනීමට නොහැකි වූ බවත් නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.