― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසැප්තැම්බර් මාසයේදී උග්‍ර ආහාර හිඟයක් - අගමැති

සැප්තැම්බර් මාසයේදී උග්‍ර ආහාර හිඟයක් – අගමැති

රට තුළ දැනට පවතින හාල් සංචිත ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මස මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේදී ඊයේ (23) අනාවරණය කළේය.

මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි. ආහාර භෝග, පශු සම්පත් අපනයන භෝග, පොහොර, බීජ සහ ඉන්ධන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒවාට මුහුණදීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මීළඟ කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය ආහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට ආහාර සැපයීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණි.