28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදර්ශන හඳුන්ගොඩට CIDයෙන් කැඳවීමක්

දර්ශන හඳුන්ගොඩට CIDයෙන් කැඳවීමක්

මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන දර්ශන හදුන්ගොඩට හෙට (25) පෙරවරු 10ට CID එකේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබෙනවා.

වසර ගණනාවක් පුරා යූටියුබ් නාලිකා නියෝජනය කරමින් පවතින දේශපාලන තත්වයන් හා දූෂණ වංචාවන් හෙළිකරමින් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවන්හි ඔහු නිරත වී සිටිනවා.

පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටිනවා.
ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID එකට කැඳවීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් අභ්‍යන්තර තොරතුරු මාර්ග වලට අනුව දර්ශන හදුන්ගොඩ CID එකට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වනවා.