ඊයේ (23) පස්වරුවේ ඉන්ධන මිල සූත්රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්රයට අනුව මිල ඉහළ දැමීම සිදුකළ බව එහිදී රජය සඳහන් කළ අතර සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බව එහිදී වාර්තා විය.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මෙම මිල සංශෝධනයට ඇතුළත්ය. කෙසේ වෙතත් මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව වාර්තා විය.