ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් සත 60 ක පාඩුවක් සිදු වන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.