― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් රථ ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

බස් රථ ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

අපොස සාමාන්‍ය පෙළ විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුව බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මෙසේද කීය.

බස් රථයට ලීටර් 100ක් දෙනවා නම් රු 1000ක පගාවක් ගන්නවා. වෙනත් වාහනවලට රු 1000ක පගාවක් පොම්පකරු ගන්නවා. මේ නුගේගොඩ හයිලෙවල් පාරේ සමුපාකාර ෂෙඩ්එක. මේක දැන් දින කිහිපයක් මට බස්රථ හිමිකරුවෝ පැමිණි කරා. රු 1000ක් පොම්පකරුට දෙන්න ඕනේ ලු වාහනය ෆුල්ටෑංක් කරන්න. බස්රථවලට අසීමාන්තිකව ඩීසල් ගහන්න අවසරය ඛනිජ තෙල් සංස්ථාවෙන්ම දීලා තියෙනවා. නැවත වරක් මංකොල්ල කනවා. ඇයි මේ දේවල් කරන්නේ. පිරවුම්හල්වල ඉන්න අය වැරදි දේවල් කරන්න. මේක නවත්වන්න. එහෙම බැරිනම් අපිට අකමැත්තෙන් වුවත් බස් ටික නවත්වන්න වෙනවා. මේක දරුවන්ගේ විභාගය ඉවර වුණ ගමන්, බස් ටික ධාවනයෙන් ඉවත් කරනවා. හරියට ක්‍රමානුකූලව අපිට ඩීසල් ටික ලබාදෙන්න කටයුතු කළේ නැත්නම්. මොකද මේක හිඟාකන්න බෑ ඩීසල් ගන්න ගිහින්. එක එකාට පගාව දෙන්න බෑ ඩීසල් ගන්න. අපි මේ පොදු ජනතාවට කරන මහජන සේවයක් මේක. අපි මේ පෝලිමේ ඉඳලා, රාත්‍රීයට හිටියත් කමක් නෑ. මේ වෙලාවේ මේකට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ. ලංගමයේ සමහර ඩිපෝවල ඩීසල් නෑ. ඒ අය දෙනවා. නමුත් ඒ අයටත් ඩීසල් නෑනේ. මේ වැඩේ හරි ක්‍රමානුකූලව ඛනිජතෙල් නීතිගත සංස්ථාව, අමාත්‍යාංශය කරේ නැත්නම් අපි විභාගයෙන් පස්සේ, බස් ධාවනය නවත්නවනවා. හරි ක්‍රමවේදයක් සකස් කළේ නැත්නම්. ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් තියෙනවා. එයට ඉස්සෙල්ලා කාඩ්පත ගෙන ආ යුතුයි.