මේ වන ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණමට මූලිකම හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
ලෝකයේ තිබෙන ඕනෑම රටක් ණය ගැනීම වැරැද්දක් නොවන බව පවසන හෙතෙම ලෝකයේ ණය නොගෙන රටක් දියුණු කළ නොහැකි බවද පවසනවා. නමුත් ඔහු පෙන්වා දෙනවා දෙන්නේ රජයට ණය අවශ්‍ය වූ විට ඒ සඳහා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව පහසුකම් සැලසූවත්, එසේ ලබාගන්නා ණය මුදල් භාවිතා කරන්නේ කුමන කාරණා සඳහා දැයි තීරණය කරන්නේ රජය සහ පාර්ලිමේන්තුව බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මේ මොහොත වන විට විශාල අයවැය හිඟයක් තිබෙන හෙයින්, යම් ණයක් ලැබූ විගස එය රටේ එදිනෙදා වියදම් සඳහා යෙදවී ඇති බවත්, ආයෝජන සඳහා යම් කොටසක් යෙදවී තිබුණත් එම ආයෝජන හරහා ප්‍රතිලාභයක් රටට ලැබී තිබේද යන්න ගැටලු සහගත බවත් ඔහු මෙහිදී කියා සිටිනවා.