අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ සහන අයවැයෙන් වහාම ක්රියාත්මක වන පරිදි රජයේ සේවකයන්ගේ මාසික වැටුප් වැඩි කිරීමට තීරණය කර තිබේ.
අග්රාමාත්යවරයා මෙම තීරණයට ගෙන ඇත්තෙඔ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණදීමට රජයේ සේවකයන්ට ශක්තියක් දීම උදෙසායි.
යහපාලන රජය 2015 වසරේදී බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩිවීම සැලකිල්ලට ගෙන රාජ්ය සේවක වැටුප් වැඩි කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්රාමාත්යවරයා විසින් දැනුම් දී තිබේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ උපදෙස් මත යහපාලන රජය සමයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව දෙගුණයක පමණ වැටුප් වැඩි කිරීමක් සහන අයවැයෙන් රාජ්ය සේවකයන්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්ය සේවක වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.