― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසපුගස්කන්ද හෙට සිට වැඩ අරඹයි

සපුගස්කන්ද හෙට සිට වැඩ අරඹයි

බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි හෙට (28) සිට ඇරඹීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු යළි ඇරඹෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර ඊයේ (26) වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති ඉන්ධන සංචිත පිළිබඳවද අමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩය ඔස්සේ දන්වා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 39,968ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,112ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 23,022ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,588ක් මේ වනවිට සංචිතයේ ඇති බව එහි දැක්වේ.