― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසතොස බඩු මිලත් ඉහළ දමයි

සතොස බඩු මිලත් ඉහළ දමයි

දිවයින පුරා සතොස ශාඛාවල ඊයේ (26) සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයන් පවසයි.

පසුගිය සතියේ හැටන් සතොස ශාඛාවේ රුපියල් 175 කට අලෙවි කළ පොන්නි සම්බා කිලෝවක් ඊයේ වනවිට රුපියල් 200 කටත්, රුපියල් 145කට අලෙවි කළ දේශිය රතු සහල් කිලෝවක් රුපියල් 175 කටත්, රුපියල් 170ට අලෙවි කළ සීනි කිලෝවක් රුපියල් 177කටත්, රුපියල් 489ට අලෙවි කළ ආනයනික රතු පරිප්පු කිලෝවක් රුපියල් 560 කටත් අලෙවි කරන බව පාරිභෝගිකයන් චෝදනා කරයි.

මිල වැඩි කළද ඇතැම් ආහාර ද්‍රව්‍ය සීමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛාව වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබූ අතර එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දීම සඳහා සීමා කර අලෙවි කිරීමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.