― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෆාතිමාගේ අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙනවා - ජනාධිපති

ෆාතිමාගේ අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙනවා – ජනාධිපති

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ 09 හැවිරිදි ෆාතිමා ආයිෂාගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කරන්නේ මෙම සාහසික අපරාධය සිදුකළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවයි.

පෙරේදා (27) දහවල් සිට අතුරුදන්ව සිටි ෆාතිමා ආයිෂා දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ වඟුරු බිමක තිබියදී පොලිසිය විසින් සොයා ගත්තේය.

මෙම දැරියගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරන අතර ඇය වෙනත් ස්ථානයකදී ඝාතනය කර අදාළ වඟුරු බිමට ගෙනැවිත් දමා ඇති බවට පොලිසිය සැක පළ කරයි.